“නිමල් ලන්සා අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ගැන තවම කිසිවක් ප්‍රකාශ කළ නොහැකියි” – ජනාධිපති මාධ්‍ය ඒකකය

ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවාදැයි ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් විමසූ විට ඒ පිළිබඳව තවම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි පවසන්නේ.

මේ ඉල්ලා අස්වීම දැක්වෙන ලිපිය ඔහු අද (22) දිනැතිව ජනාධිපතිවරයා වෙත යොමුකර ඇද්දැයි විමසූ විටත් ඔවුන් පැවසුවේ එවැන්නක් ගැන තහවුරු කළ හෝ ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

“අපි කියන්නේ තහවුරු කළ ප්‍රවෘත්ති විතරයි. අපිට බැහැ තහවුරු නොකළ දේ ගැන කියන්න” යි තම නම සඳහන් නොකළ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අයෙකු පැවසුවා.

POPULAR

Recent articles