”පොහොර හිඟය සතියක් තුළ සම්පූර්ණයෙන්ම ඉවරවෙනවා” – බන්දුල ගුණවර්ධන

පොහොර හිඟය සතියක් තුළ සම්පූර්ණයෙන්ම නිමවෙන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අතර වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවය කැබිනට් මණ්ඩලය විසින් පළකළ බව කෘෂිකර්ම ඇමතිවරයා පවසනවා. තවද 2022 වසරේ යළ කන්නය සදහා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ද යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කෘෂිකර්ම ඇමතිවරයා විසින් එහිදී වැඩිදුරටත් කියා සිටියා.

POPULAR

Recent articles