ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තීරණාත්මක තරඟය අද (15)

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 05 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තෙවන තරඟය අද (15) පැවැත්වෙනවා.

ඒ අනුව තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.40 ට කැන්බරා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරඟ දෙකෙන් ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වීම හේතුවෙන් මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරඟයක් වනවා.

කෙසේ වුවද ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු අද (15) පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තුන්වන විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා නොකරන බව මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.

POPULAR

Recent articles