යුක්රේනයට බටහිරින් ආයුධ ගංගාවක්

ඇමරිකාව ප්‍රමුඛ රටවලින් දිගින් දිගටම යුක්‍රේන හමුදාවට අවි ආයුධ ලැබෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේවනවිට ෆින්ලන්තයෙන් යුක්‍රේනයට ප්‍රහාරක ගිනිඅවි 2 500 ක්, යුද ටැංකි නාශක අවි 1 500 ක් ලැබී තිබෙනවා.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රතිඥා දී ඇත්තේ කැනඩාව ද යුක්‍රේනයට ගිනි අවි, පතුරම් හා යුද ටැංකි නාශක අවි ලබා දීමට කටයුතු කළ බවයි.

එමෙන්ම තමන් ද යුක්‍රේනයට අවි ආයුධ ලබා දීමට තීරණය කර ඇති බව ඔස්ට්‍රේලියාව පවසනවා.

POPULAR

Recent articles