”චීන නැවට අවසර දෙන්න” – ස්වාධීන පක්ෂ එකමුතුව රජයෙන් ඉල්ලයි

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා – චීන සබඳතා රැකගෙන, ද්වීපාර්ශවීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මඟින් මතුව ඇති ගැටලුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙසයි.

නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඇතුලු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් අටදෙනෙකු විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles