“එක්සත් ජාතික පක්ෂය විනාශ වුණේ හොරකම් කළ නිසයි” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ඩී. එස්. සේනානායක හදපු එක්සත් ජාතික පක්ෂය විනාශ උනේ හොරකම් කළ නිසා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා.

“මෙතුමා කියනවා අපි ඉතිරි කෙරුවා, කණු ඉතිරි කෙරුවා, සල්ලි ඉතිරි කෙරුවා කියලා. සල්ලි ඉතිරි වුණේ අපි බලයට ආව හින්දා. මතක තියාගන්න. පට්ට විදියට හොරකම් කරලා, ඔබතුමා මහ ලේකම් විදියට දන්නවනේ මහ බැංකුවේ සල්ලි ටික ගැන සුදත් චන්ද්‍රසේකරගෙන් ගිහින් අහන්න. ලොරිය ඇවිල්ලා නතර කළේ සිරිකොත ඇතුළේ. මතකයිනේ මලික් සමරවික්‍රම සල්ලි ගෝනිවල ගෙනිච්ච හැටි.

කබීර් හෂීම් මැතිතුමාට බෑ ලොරියක් අරන් සල්ලි ගේන්න. එයා එච්චර ලොක්කෙක් නෙවෙයි. කබීර් හෂීම් මැතිතුමා පක්ෂයේ මහ ලේකම්. එතුමා තමයි සල්ලි ඛෙදුවේ. ඔබතුමාට මතකද මහාමාර්ග ඇමතිකම දුන්නෙ නෑ කියලා පාකිස්ථානේ ගිහිල්ලා මාස කීයක් හැංගිලා හිටියද කියලා. පාස්පෝට් එක අරන් බලන්න.

ඔබතුමාලගේ නායකයෝ හොරකම් කරපු හැටි කියද්දි ඔබතුමාලට රිදෙනවා. කබීර් හෂීම් මැතිතුමා මහ බැංකුවෙන් හොරකම් කලා කියලා මම කිව්වේ නෑ. මහ බැංකුවේ සල්ලි ටික හොරකම් කරලා තමුන්නාන්සේලාට ඡන්දෙ කරන්න කෝටිය ගානෙ ඛෙදුවේ. මහ බැංකුවෙන් හොරා කාපු සල්ලි ලොරිය ගෙනල්ලා ඛෙදුවේ. මම වගකීමෙන් කියන්නේ. හිටපු ලේකම් සුදත් චන්ද්‍රසේකරගෙන් ගිහින් අහන්න. ඒක තමයි ඇත්ත. තමුන්නාන්සේගේ හදවත දන්නවා. මං කිව්වේ නෑ ඔබතුමා හොරකම් කලා කියලා. මම කිව්වේ මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි ටික ලොරියේ දාගෙන සිරිකොතට ගෙනල්ලා තමුන්නාන්සේලා ඛෙදුවා. මෙතුමා තමයි ඛෙදුවේ. මම කියන්නම් ගෙනිච්චේ ලොරිවල. වින්සන් පෙරේරා මැතිතුමාගේ පුතා අරගත්තේ නෑ කියලා මම පිළිගන්නවා.

ඔබතුමාලා කරපු හොරකම් නිසා තමයි ඩී. එස්. සේනානායක හදපු පක්ෂය විනාශ උනේ. මුලු පක්ෂෙම දියවෙලා ගියා. මඩ ගැහුවම අහගෙන ඉන්නත් පණ තියෙන්න ඕනේ. මේ ගොල්ලෝ ඔක්කොම දඟලන්නේ මේ ගොල්ලන්ගේ හොරකම් හොයපු නැති නිසා. හොරකම් හෙව්වා නම් මේ අය මෙහෙම කතා කරන්නෙ නෑ. හිටපු නායකයත් හොරා. හිටපු ඇමතිවරුත් හොරු” අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

POPULAR

Recent articles