මැති ඇමතිවරුන්ගෙන් ජල සම්පාදන මණ්ඩලයට එක්කෝටි තිස්ලක්ෂයක පොල්ලක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් අතරින් 60 දෙනෙකු පමණ සිය ජල බිල්පත් ගෙවීම පැහැරහැර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කතානායකවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගෙන් රුපියල් එක්කෝටි තිස්ලක්ෂයක් පමණ ජල සම්පාදන මණ්ඩලයට අයවිය යුතු බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 30 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා හමුවී ජල සම්පාදන මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ඒ අනුවයි ලේකම්වරයා විසින් මේ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුවත් කර ඇත්තේ

POPULAR

Recent articles