තායිලන්ත සමාගමකින් ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

තායිලන්තයේ සිට මෙරටට ගෑස් ගෙන්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් සඳහන් කරන්නේ තායිලන්තයේ සියම් ගෑස් සමාගම මෙරටට ගෑස් ලබා දීමට එකඟ වු බවයි.

සැපයුම් ගාස්තු 10% ක අඩු වීමක් යටතේ ගෑස් ලබා දීමට ද අදාළ සමාගම එකඟ වී තිබෙනවා.

කෙසේවෙතත් එම තත්වය තුළ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

POPULAR

Recent articles