රුසියානු ජනපති යුක්රේනය තුළ හමුදා මෙහෙයුමක් නිවේදනය කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා එරට රූපවාහිනිය අමතමින් නිවේදනය කර ඇත්තේ බටහිර කලාපය හා යුක්‍රේනය දක්වන ප්‍රතිචාරවලට ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මෙහෙයුම නිවේදනය කළ බවයි.

එමෙන්ම රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටින්නේ බටහිරින් හා යුක්‍රේනයෙන් අඛණ්ඩව මෙවැනි ප්‍රතිචාර දැක්වීම් අඛණ්ඩව සිදුවුවහොත් අඛණ්ඩව ප්‍රතිවිපාක ද විඳීමට සිදුවනු ඇති බවයි.

යුක්රේන හමුදාවන්ට අවි බිම තබන ලෙසත් රුසියාවේ යුධ මෙහෙයුම්වලට බාධා කරන්නන් හට රුසියාව විසින් ක්ෂණිකව පිළිතුරු දෙනු ඇති බවත් ජනාධිපති පුටින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටිනවා.

යුක්රේනයේ සිටින නාසි කණ්ඩායම් ඩොනෙට්ස්ක් හා ලූහාන්ස්ක් ජනතාව රුසියාව සමග එකතු වීම පිළිබඳව කිසිම දිනක සමාව නොදේවි, අපිට යුක්රේන භූමිය අත්පත් කර ගැනීමට අවශ්‍ය නැහැ අපිට ඕනෙ ඩොන්බාස් ජනරජ ආණ්ඩුවේ ආරක්ෂාව තහවුරු කරන්න ජනාධිපති පුටින් වැඩිදුරටත් කියා සිටිනවා.

මීට සුළු මොහොතකට පෙර රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ යුක්රේන හමුදා බැරැක්ක සහ ගුවන් හමුදාව අඩපණ කිරීම සඳහා ඉලක්කය නොවරදින ආයුධ භාවිතා කරන බවයි.

මේ වන විට යුක්රේනයේ හමුදා නීතිය ප‍්‍රකාශයට පත් කර ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

POPULAR

Recent articles