“මම හැමදාම ගත්තේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන” – අතුරලියේ රතන හිමි

තමන්වහන්සේ පාවිච්චි කරන්නේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් බවත් දැන් භාවිතා කරන වාහනයට කල්බදු වාරිකය මාස 10කින් පමණ ගෙවා නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා. වාරික නොගෙව්වේ ඒ සඳහා තමන්ට මුදල් නැති නිසා බවයි ඒ හිමියන් කියන්නේ.

“සමාජ මාධ්‍ය මට කැත විදිහට පහර දෙනව, මම ප්‍රාඩෝවල යනව කියල. ඒත් මම හැමදාම ගත්තේ සෙකඩ් හෑන්ඩ් වාහන. මම පාවිචචි කළේ රජයේ වාහන. දැන් පාවිච්චි කරන වාහනය ලීසිං කරල තියෙන්නෙ. ලීසිං එක ගෙවල නෑ මාස දහයකින් විතර. ඒක ගෙවන්නවත් මට සල්ලි නෑ’යි මන්ත්‍රී රතන හිමි මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

POPULAR

Recent articles