“රුසියා – යුක්‍රේන යුද්ධයට වඩා ලංකාවේ ආර්ථික යුද්ධය බරපතලයි” – වජිර අබේවර්ධන

යුක්රේනය හා රුසියාව අතර හටගෙන ඇති යුද්ධයට වඩා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික යුද්ධය බරපතල බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

ලෝකයේ රටවල් ගැන හෝ වෙනත් අර්බුද ගැන හෝ කතා කරමින් නිදහසට කරුණු කීම කිසිසේත් පලක් නැති බවද අද අප කල්පනා කළ යුත්තේ පීඩාවට පත්ව සිටින ලාංකික ජනතාව ඒ තත්ත්වයෙන් මුදා ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳව බවද ඔහු කියා සිටිනවා.

රට පත්ව තිබෙන තත්ත්වය හමුවේ කළ යුතුව තිබෙන්නේ එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමෙන් හෝ අරයා හොඳට කළා, මෙයා හරියට කරන්නේ නැහැ යනුවෙන් කියමින් බලා සිටීම නොව රටේ ජනතාව ජීවත් කරවීම කෙරෙහි ප්‍රධාන දේශපාලන පක්ෂ අවධානය යොමු කිරීම බව ඔහු වැඩි දුරටත් පවසනවා.

POPULAR

Recent articles