හිටපු පොලිස්පති හා ආරක්ෂක ලේකම් නිදහස් කරනවා ද? නැද්ද? තීන්දුව අද (18)

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, සිය රාජකාරි පැහැර හැරීම ඇතුළු අධිචෝදනා මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩු දෙකෙන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම ඔවුන් නිදහස් කරනවා ද? නැද්ද ?යන තීන්දුව අද (18) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම නඩු නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (180 කැඳවීමට නියමිතයි.

විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් මෙම නඩුව දෙකෙන් නිදහස් කරනවා ද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීමට විනිසුරු මඩුල්ල පසුගිය දා දින නියම කරන ලද්දේ මෙම නඩු දෙකෙහිම පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුවයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා පැවරූ මෙම නඩු දෙකෙන් ඔවුන්ට වෙන් වෙන්ව අධිචෝදනා 855 බැගින් ගොනුකර තිබෙනවා.

POPULAR

Recent articles