“අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණය පවත්වාගෙන යන්න” – අධිකරණ සේවා කොමිසම දැනුම් දෙයි

අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණ සේවා කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම සියලු අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී තිබෙනවා. ඉන්ධන හිඟකම සහ පොදු ප්‍රවාහනයේ ඇති දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා ලෙසයි එයින් දැනුම් දී ඇත්තේ.

නඩු කටයුතු කල් දැමීම වැනි කරුණු සම්බන්ධයෙන් ඒ ඒ අධිකරණ බල ප්‍රදේශවල නීතීඥ සංගම් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබෙනවා.

POPULAR

Recent articles