ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් CIDය හමුවට

ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව කියමින් අද (17) පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය (CID) වෙත කැඳවා තිබෙනවා.

කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් CID ට කැඳවා ඇත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට කළ පැමිණිල්ලක් අනුවයි.

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදු කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වන දායි.

මාස දෙකකට පමණ පසුව අදාළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යි ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අද දිනයේ දී අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විශේෂ ඒකකයට කැඳවා ඇත්තේ.

කැඳවීමට අනුව ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අද(17) පෙරවරු 9.45ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

POPULAR

Recent articles