”සර්ව පාක්ෂික රජයක් පිළිබඳ ජනතාව දැඩි විශ්වාසයකින් බලා සිටිනවා” – ජනපති

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත්තේ සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් හා සාමාජිකයින් පළමු සාකච්ඡා වටයට එක්වී ඇති අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පවත්වා තිබෙනවා.

තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමග පවත්වා ඇති අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී ඇති අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකඟතාව පළකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles