යුපුන් අබේකෝන්ගෙන් ජාතික වාර්තාවක්

මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් හා නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.

ඒ අනුව ඉතාලියේදී මීටර 200 ධාවන ඉසව්ව තත්පර 20.37කින් නිමාකරමිනුයි.

ඉන්දියාවේ අම්ලන් බෝර්ගෝහයින් පිහිටුවා තිබූ තත්ත්පර 20.52ක දකුණු ආසියානු වාර්තාව ද යුපුන් අබේකෝන් මෙමඟින් බිඳ දමා තිබෙනවා.

එමෙන්ම මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවද යුපුන් අබේකෝන් සතු වන අතර එහිදී ඔහු දක්වා ඇති දක්ෂතාව තත්ත්පර 10.15 ක් වනවා.

POPULAR

Recent articles