Home Blog Page 144

‘හදිසි නීතියත්, ඇඳිරි නීතියත් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්කරනවා’ – නීතිඥ සුනිල් වටගල

0

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීමත් ඇඳිරි නීතියත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන බව නීතිඥ සුනිල් වටගල පවසනවා. රට තුළ පවතින තත්වය පිළිබඳව අද (03) මාධ්‍ය හමුවක් පවත්වමින්. ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම රජය විසින් ඇඳිරි නීතිය පනවා තිබියදීම මෙම මාධ්‍ය හමුව පැවැත්වීම විශේෂයක්.

“ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවා ඒ යටතේ ඇඳිරි නීතිය පැනවීමට ක්‍රියාකර තිබෙනවා. මූලිකව ගත්තාම හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට හේතුවූ කරුණු, අරමුණු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්‍ෂක පනතේ විධිවිධානවලට පටහැනියි. ජනාධිපතිවරයා වෙනත් අරමුණක් ඉටුකර ගැනීමට මෙම පනත් යොදාගෙන තිබෙනවා. හදිසි නීතිය පනවමින් 2022.04.01 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ‘ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවශ්‍යතා තත්වයක් පැවතීම හේතුකොට ගෙන’ කියලා. මේ රටේ පුරවැසියන් හැටියට හදිසි තත්වයක් තිබෙන බව අපි දැක්කේ නැහැ. අත්‍යවශ්‍ය ආහාර හා සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුවේ සැපයීම් අඩාල වීම හේතුකොටගෙන ඇති වූ තත්වයක් තිබෙන්නේ. මහජන ආරක්‍ෂක පනතෙන් ප්‍රතිපාදන සපයා නැහැ. මේ නිසා හදිසි නීතිය පැනවීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා ජනාධිපතිවරයා පැනවූ මේ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මේ නිසා ජාතික ජන බලවේගයේ නිීතිඥයින් ලෙස හදිසි නීතිය පැනවීමත් ඇඳිරි නීතිය පැනවීමත් සිදුකළ ගැසට් පත්‍ර දෙක ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අපි අභියෝගයට ලක්කරනවා.

මේ අනීතික ගැසට් පත්‍ර දෙක නිකුත් කළාට පසු ප්‍රධාන අනීතික ක්‍රියාමාර්ග දෙකක් සිදුවුණා. ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවාසය ආසන්නයේ සිදුවූ සිද්ධිය පාදක කොටගෙන 52ක් අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් 26ක් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කොට පොදු දේපළ පනත යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබුණා. ඒ වෙනුවෙන් බී වාර්තාවක් පොලීසියෙන් ඉදිරිපත් කර තිබුණා. පොලීසියේ බී වාර්තාව අනුව මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේ ඉදිරිපත් කර තිබෙන සැකකරුවන් අතර පොදු දේපළ පනත යටතේ අලාභහානි සිදුකළ සැකකරුවන් සිටිනවාද කියලා. නමුත් එසේ නොමැති බව පොලීසියෙන් කියවුණා. මේ නිසා ඇප දීමට ප්‍රධාන සාධකය වුණේ, මේ 52 අතර පොදු දේපළ පනත යටතේ කිසිදු සාක්‍ෂියක් නොවීමයි. ඒ වගේම 02දා අත්අඩංගුවට ගත් සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා සම්බන්ධයෙන් පාන්දර එක හමාර පසුවන තුරු නීතිඥවරු 75ටක අධික පිරිසක් මෝදර පොලීසියේ රැඳී සිටියා. පාන්දර 2.30ට ඔහුව ගරු මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවස වෙත ඉදිරිපත් කළා. දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ සමාජ ජාල ක්‍රියාකාරිකයා වරදක් නැති බව පෙන්වා දුන්නා.

මේ වගන්තියෙන් කියවෙන්නේ රජය පෙරලීමට, රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමයි. “Gota Go Home” යන පෝස්ටුව ප්‍රදර්ශනය කිරීම මහජන කැළඹිල්ලක් ඇති කිරීමට කාරණයක් බව පොලීසිය කීවා. නීතිඥයන් හැටියට අපි තර්ක කළේ මෙයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබූ “සිසිර කුමාර වාහලතන්ත්‍රි එරෙහිව නීතිපති” යන නඩු තීන්දුව ඉදිරිපත් කළා. මේ අනුව විනිසුරුතුමා විනිශ්චයක් ලබා දෙමින් සඳහන් කළේ “Gota Go Home” යන්න දණ්ඩ නීති සංග්‍රහයට අයත් නොවන බවයි.

මේ සිද්ධි දෙකම මුලින් කිවූ ගැසට් පත්‍ර දෙකට යටත් කර රජයට එරෙහිව නැගෙන මහජන විරෝධතා රැල්ල මර්දනය කරන්න නීතියේ හස්තය යොදා ගන්නයි උත්සාහ කරන්නේ. කොවිඞ් වසංගත සමයේ පොලිස් ඇමතිවරයා ලියවිල්ලක් ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විරෝදය පළ කිරීමේ අයිතියක් නැති බව ප්‍රකාශ කළා. ඒ වගේම මේ අවස්ථාව ඉදිරිපත් කර තිබෙන්නේ හදිසි අවස්ථා ප්‍රකාශනයක් විතරයි. ඊට අදාළ රෙගුලාසි ඇතුළත් කරන ගැසට් පත්‍රයක් නැහැ. ඒනිසා රෙගුලාසි නැතිව නීති විරෝධී කටයුතු නොකරන ලෙසට අපි ජනාධිපතිවරයාට අවධාරණය කරනවා. මහජන කැළඹිල්ලක් ඇතිවීමට බලපාන කිසිදු සිදුවීමක් අපේ රටේ සිදුවී නැහැ” යි නීතිඥ සුනිල් වටගල පවසනවා.

මහ රැයේ මීගමුව ඇඳිරි නීතිය කඩයි

0

හෙට (04) උදෑසන දක්වා රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය නොතකා මීගමුව ප්‍රදේශයේ පිරිස් විරෝධයේ නිරත වෙනවා. මීගමුව නගර ආසන්නයේ ආණ්ඩුව එරෙහිව පැවැත්වෙන මෙම උද්ඝෝෂණ අතර තුර ආණ්ඩුවට හිතවත් මීගමුව ප්‍රාදේශීය දේශපාලකයන්ටද විරෝධය පළකිරීම දක්නට ලැබෙනවා.

රොෂාන් මහානාමත් විරෝධයේ

0

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩක රොෂාන් මහානාම අද (03) පවතී විරෝධතාවයට එක්ව තිබෙනවා. මහානාම පදිංචි නිවාස ඉදිරිපිටදී සෙසු පිරිස සමඟ විරෝධය පළකර සිටියදී එතැනට පැමිණි ජ්‍යෙෂ්ඨ පොලිස් නිධාරීන් පවා රොෂාන් මහානාම වෙත සිය ගෞරවය පළකර බාධා නොකර එතනින් නික්ම ගිය බවයි වාර්තා වන්නේ.

විමල් කිව්වේ බොරුවක්

0

තනතුරින් ඉවත් කළ, පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනාවකට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ එකඟත්වය පලවී ඇතැයි මීට පෙර විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින්ම පවසා තිබුණා.

පවතින අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සහභාගිත්වයෙන් අන්තර්වාර පාලනයක් ස්ථාපිත කිරිමටත් අනතුරුව කෙටි කාලයක් තුලදී මහ මැතිවරණයක් කැඳවීමටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී යෝජනා කර තිබූ බවයි ඔහුගේ පාර්ශවයෙන් පවසා තිබුණේ.

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් සහ කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර ඊයේ (02) ජනාධිපතිවරයා හමුවී එම ඉල්ලීම සිදුකර ඇති බවයි කියවුණේ. ඔවුන් අද (03) අගමැති මහින්ද රාජපක්ෂ හමුවී එම යෝජනාව ම ඉදිරිපත්කළ බවයි කිව්වේ.

ඒ අනුව බොහෝදුරට හෙට (04) වනවිට අලුත් කැබිනට් මණ්ඩලයක් සහිත අලුත් ආණ්ඩුව පිහිටුවීමට ඉඩ ඇතැයි මාධ්‍ය පැවසුවා.

විමල් වීරවංශ පොහොට්ටුවේ මන්ත්‍රීවරයා පවසා තිබුණේ සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි. රටේ වත්මන් තත්ත්වය අනුව මෙම අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා පවතින අමාත්‍ය මණ්ඩලයට කටයුතු කළ නොහැකි බවයි ඔහු කියා තිබුණේ. කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සර්වපාක්ෂික හෝ බහුපාර්ශ්වික ගිවිසුමකට එළඹෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද වීරවංශ මන්ත්‍රීවරයා කියා තිබුණා. වීරවංශ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

කෙසේ වෙතත් අද (03) සවස මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ වීරවංශ මන්ත්‍රීවරයාගේ සියලු ප්‍රකාශ නිශේධ කරමිනුයි.

මතුගම විරෝධතාකරුවන් වෙනුවෙන් නීතීඥවරු සහයට එයි

0

අද (03) මතුගම පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් මතුගම පොලිසිය පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් වහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඇප ලබාගැනීමට මතුගම අධිකරණ බල ප්‍රදේශයේ නීතීඥවරු කටයුතු කර තිබුණා.

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙන කතාව බොරු

0

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

“අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා අසත්‍යය වේ.

විවිධ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා පදනම් විරහිත වන අතර එවැනි සැලසුමක් දැනට නොමැති බව දන්වා සිටිමි”

‘වැඩ කරන අපේ විරුවා’ සමාව ඉල්ලයි

0

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ප්‍රචාරය වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය නිර්මාණය කළ පසන් ලියනගේ අද (03) දින සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් යොදා තිබෙනවා. ඔහු පවසන්නේ ‘සින්දුවක් නිසා අපහසුතාවයකට පත් උනානම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවායි එහි සටහන්ව තියෙනවා.

මේ එම සටහනයි.

“කිසිම දේශපාලන පක්ශෙකට සහය නොදෙමි!

සින්දුවක් නිසා අපහසුතාවයටපත් උනානම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා…

එදා ඉදන් අද වෙනකන් මම මෙතන අදත් ඉන්නේ ඔගොල්ලො මගේ ගීත ආදරෙන් අහපු නිසයි. ඒ නිසා මේ වෙලාවෙත් මම ඔගොල්ලො එක්කමයි ඉන්නෙ! දැන්වත් හැමදාම බලයෙ ඉන්න හදන පක්ශවලට කඩේ යන්න එපා. අලුත් කට්ටියට ඉඩ දෙන්න රට හදන්න! මොකද අද මේ තත්වය උදාවෙලා තියෙන්නෙ එදා කාලෙ ඉදන්ම තමන්ගෙ වාසියට රට කාපු අය නිසයි! නැත්නම් මීට කලින් මේ රට දියුනුවෙලා!”

මාධ්‍යවේදින්ට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිමු – NMF

0

පසුගිය 31 වෙනිදා තම රාජකාරිය ඉටු කළ ජනමාධ්‍යවේදීන්ට එල්ල කළ සැළසුම් සහගත ප්‍රහාරය ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය (NMF) විසින් හෙලාදැක තිබෙනවා. එහි විධායක කමිටුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ආරක්ෂක අංශ සහ වෙනත් සිවිල් ඇඳුම්න් සැරසුන පුද්ගලයින් විසින් එම ප්‍රහාරය එල්ල කළ බවයි.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය (NMF) විධායක කමිටුව විසින් නිකුත් කළ සම්පුර්ණයෙන්ම මෙසේයි.

මිරිහාන ප්‍රදේශයේ පැවැති මහජන විරෝධතාවය සහ ඒ ආශ්‍රිතව සිදුවූ සිදුවීම් පිළිබදව අපගේ විශේෂ අවධානය යොමුව ඇත. විශේෂයෙන් එම සිදුවීම වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට ඉතාම සැළසුම් සහගත ලෙස ආරක්ෂක අංශ සහ වෙනත් සිවිල් ඇඳුම්න් සැරසුන පුද්ගලයින් විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙම සිදු වීම ‍සත්‍ය තොරතුරු සමාජ ගත විම වැළැක්වීම සඳහා ඉතා සැළැසුම් සහගත ලෙස සිදු කරන ලද ප්‍රහාරයක් ලෙස අපි සළකමු. එමෙන්ම මෙතෙක් ඉතිහාසයේ මෙරට ජනතාව මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයට හා පීඩනයට මුහුණ දී සිටින මේ මොහොතේ එම පීඩනයට එරෙහිව නැගී සිටින ජනතාව මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගිනිමින් සිටින විවිධ පියවරයන් පිළිබඳවද අපගේ විශේෂ අවධානයට යොමුව ඇත. එමෙන්ම ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා මාර්ගවලින් පැහැදිළි වන්නේ අර්බුදයට විසදුම් ලබාදීම වෙනුවට, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ සහ අදහස් ප්‍රකාශණයේ මෙන්ම සාමකාමීව රැස්වීමේ හා විරෝධය පළ කිරීමේ ජනතාව සතු අයිතිය ආණ්ඩුව විසින් ඉතා වේගයෙන් පැහැර ගනිමින් සිටින බවයි. මෙම වර්ධනය වන තත්ත්වය පිළිබඳව ඉතාම සවිඥානිකව අවධියෙන් සිටින ලෙස අපි මේ රටේ පොදු මහජනතාවගෙන්, සිවිල් සංවිධානවළින් මෙන්ම දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර වළින්ද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු‍.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ට එල්ල කරන ලද මෙම මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු. එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික සමාජයක ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරන, මෙන්ම භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සුරක්ෂිත කිරීම සහ තොරතුරු දැන ගැනීමේ මහජනයා සතු මූලික අයිතිය වෙනුවෙන් විශාලතම වැඩකොටස ඉටු කරන ජනමාධ්‍යවේදින්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ආණ්ඩුවට බල කරමු. එසේම ඔවුන්ගේ රාජකාරී බාධාවකින් තොරව පවත්වා ගෙන යෑමට අවශ්‍ය පරිසරය ඇති කරන ලෙස ද බල කරමු. 2005 -2015 කාල සීමාව තුළ මෙරට සිදුවු ලේවැකි මාධ්‍ය මර්දනයන් යළි සිහි ගන්වන මෙවැනි සිදුවීම් ගත් තැනම පරාජය කිරීමට භේදයකින් පෙරට එන ලෙස මෙරට සියළුම ප්‍රගතිශිළී මහජන බලවේගවළින් අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

විධායක කමිටුව

ජාතික මාධ්‍ය සංසදය

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරනු – AMCA

0

මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී ජනසමාජයක ප්‍රධානතම අංගයක් වන බැවින් මාධ්‍යවේදීන්ට තම රාජකාරි කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති අනුලංඝනීය අයිතිට බාධා කිරීම අතිශයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව අවධාරණය කරන ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය පසුගිය 31 වෙනිදා මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකළ ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ සහ මහා ලේකම් පැතුම් වික්‍රමරත්න විසින් නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී ජනසමාජයක ප්‍රධානතම අංගයක් වන අතර, ඒ අනුව මාධ්‍යවේදීන්ට තම රාජකාරි කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති අනුලංඝනීය අයිතිට බාධා කිරීම අතිශයෙන් ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක් බව අවධාරණය කළ යුතුමය.

එහෙත් පසුගිය දා මිරිහාන ප්‍රදේශයේ ඇති වූ උද්ඝෝෂණයේදී එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට, නීති හා සාමය ආරක්ෂා කිරීමට රාජකාරිමය වශයෙන් බැඳී සිටින පොලිස් හා ඊට අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන් පිරිසක්, තමන්ගෙ රාජකාරි සීමා ඉක්මවා යමින්, සිදුකළ අමානුෂික පහරදීම අප දැඩි ලෙස හෙලා දකිමු.

විශේෂයෙන් ජනමාධ්‍ය හැඳුනුම්පත ප්‍රදර්ශනය කරමින් තමන් මාධ්‍යවේදියෙකු බව ප්‍රකාශ කර සිටියදී එම මාධ්‍යවේදීන්ට පහර දීම තුළ සැඟවුණු න්‍යාය පත්‍රය කුමක්ද යන්න අප ප්‍රශ්න කර සිටිමු .

එසේම මෙහිදී එක් මාධ්‍යවේදියෙකුට, පොලිස් නිලධාරීන් විසින් පහරදී ඇත්තේ ඔහු එම සිදුවීම් ජංගම දුරකතනයක් හරහා පටිගත කරමින් සිටි බවට චෝදනා නගමිනි.

මෙම කරුණ හරහා පැහැදිලිවන්නේ නූතන ලෝකයේ ජනමාධ්‍ය ප්‍රවණතා පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව සතු දැනුම ඉතා අල්ප බවයි.

නූතන ලෝකයේ දියුණු රටවල පවා මේ වනවිට ජනමාධ්‍යවේදියාගේ ප්‍රධාන උපකරණය බවට පත්ව ඇත්තේ ජංගම දුරකථනයයි. MOJO යනුවෙන් ලෝකයේ ප්‍රචලිතව ඇත්තේ මෙම ජංගම දුරකථන ජනමාධ්‍යවේදයයි.

එම නිසා මාධ්‍යවේදියෙකු ජංගම දුරකථනයකින් යම් සිද්ධියක් වාර්තා කිරීම කිසිසේත්ම නීති විරෝධී ක්‍රියාවක් නොවන බව අප සංගමයේ මතය වේ.

මෙම සිදුවීම් මාලාවෙන් දැඩි ලෙස කම්පනයට හා කනගාටුවට පත්ව සිටින අප සංගමය පහත සඳහන් යෝජනා හා කරුණු රජයට මෙන්ම අදාළ වගකිවයුතු ආයතන වෙත අවධාරණය කර සිටින්නෙමු.

1) මිරිහාන ප්‍රදේශයෙදී මාධ්‍යවේදීන්ට සිදුවූ මෙම පහරදීම සම්භන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දියත් කර වරදකරුවන්ට නීතිය මගින් දඩුවම් පැමිණවිය යුතුය.

2) මෙම පහරදීම නිසා තුවාල ලැබූ, දේපල හානිවූ සියලු මාධ්‍යවේදීන්ට නිසි ලෙස වන්දි, හා හානිපූරණයන් ලබාදීමට කටයුතු කළ යුතුය.

3) උද්ඝෝෂණ, විරෝධතා හා ගැටුම්කාරී අවස්ථා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සකස් කරන ලද මාධ්‍යවේදී හැඳුනුම් කබා (press jacket) ලබාදිය යුතුය. ඒ හරහා ඕනෑම කලබලකාරී හා ගැටුම්කාරී අවස්ථාවක, මාධ්‍යවේදීන් කවුදැයි හඳුනාගැනීමට, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු ඕනෑම අයෙකුට හැකියාව ලැබෙනු ඇත. මෙම කටයුත්ත ජනමාධ්‍ය අමාත්‍යංශය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මූලිකත්වයෙන් සිදුකළ යුතු අතර එම ජනමාධ්‍ය කබා, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කොට ඇති ජනමාධ්‍යවේදීන්ට පමණක් ලබාදීමට කටයුතු කළ යුතුය

4) ජනමාධ්‍යයේ නව ප්‍රවණතා පිළිබඳව පොලිසිය, යුධ හමුදාව ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් දැනුවත් කළ යුතු අතර ජනමාධ්‍ය සාක්ෂරතාව පිලිබඳ පුහුණු වැඩමුළුවක් ඔවුන් වෙනුවෙන් පැවැත්විය යුතුය.

සමාජ මාධ්‍ය වාරණයත් රිවර්ස් කරයි

0

ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම මත බව කියමින් සමාජ මාධ්‍ය සීමා කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය අද (03) සවස 3.30 ට ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ බව තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.