Home Blog Page 143

කැබිනට් ඇමතිවරු පස් දෙනෙකු දිවුරුම් දීමේ සූදානමක්

0

අමාත්‍ය මණ්ඩලය සඳහා සාමාජිකයින් පස් දෙනෙකු අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇති බව වර්තා වනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ මධ්‍යහන 12 ට පෙර එම දිවුරුම් දීම සිදුකෙරෙන බවයි.

කෙසේ වෙතත් ඒ කුමන අමාත්‍යංශ සඳහා දැයි මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

වත්මන් කැබිනට් මණ්ඩල සාමාජිකයින් මේ වනවිට සිය ඉල්ලා අස් වීමේ අභිලාෂය අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙන අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්විම ජනාධිපතිවරයා වෙත ලබා දී තිබෙනවා.

එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (04) අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිතයි.

විමල් – උදය – වාසු – ටිරාන් ට අලුත් ආණ්ඩුවට එන්නලු

0

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ ටිරාන් අලස් යන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පිහිටුවන ලැබීමට නියමිත ආණ්ඩුව එක්වන ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනා කර ඇති බව වාර්තා වෙනවා.

සියළු පක්ෂ සහභාගීත්වයෙන් අන්තර්කාලීන භාරකාරය රජයක් පිහිටුවන ලෙස තමන් ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව මීට පෙර විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා තිබුණා.

‘අපි ස්වාධීන වෙනවා’ ලන්සා කියයි

0

හෙට (05) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී තමන් ඇතුළු 50 දෙනෙක් ආණ්ඩුව පාර්ශවයෙන් ඉවත්වී  ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා. ඉන් පසුව ආණ්ඩු පක්ෂයට මෙතෙක් හිමිව තිබෙන තුනෙන් දෙකේ බහුතර බලය අහිමි කරන බවයි ඔහු කියන්නේ.

“ඉතාමත් පැහැදිලිව කියන්නේ හෙට පාර්ලිමේන්තුව තුළ 50කට අධික පිරිසක් ස්වාධීන වෙනවා. අපි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජනතාව ඉල්ලන ඉල්ලීම්වලට ඇහුම්කන් දීලා ආණ්ඩුවට අයින් වෙන්න කියලා. අපි කියන්නේ විපක්ෂයේ ඕන කෙනෙක් ට ආරාධනා කරලා ආණ්ඩුව කරගෙන යන්න සහාය දෙන්න කියලා. ඉතා පැහැදිලිව කියන්නේ අද දවස තුළ ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගය ගත්තේ නැත්නම්, හෙට පාර්ලිමේන්තුවේ අපි 50කට අධික සියලු පක්ෂ එකතු වෙලා පොහොට්ටුවෙන් අයින් වෙලා අපි ස්වාධීන වෙනවා. එතකොට ආණ්ඩුවට 113 නැතුව ගියාම ආණ්ඩුව කොහොමත් විසුරුවා හරින්න වෙනවා. එතකොට ඕන කෙනෙක්ට ජනාධිපතිතුමාට පුළුවන් ආරාධනා කරන්න ආණ්ඩුවක් අරගෙන මේක කරගෙන යන්න කියලා” යි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා කියන්නේ.

බස් ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

0

මිරිහාන, පැඟිරිවත්ත පාර මංසන්ධියේදී පසුගියදා බස් රථ දෙකකට ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් 0718 59 1755, 0718 59 4929 හා 0112 44 4265 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි.

පසුගිය 31 වනදා මිරිහාන, පැඟිරිවත්ත පාර මංසන්ධියේදී කළහකාරි ලෙස හැසිරෙමින් පොදු දේපොළවලට අලාභහානි සිදු කර, ඒ අසළ වූ බස් රථවලට හා වෙනත් වාහනවලට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

බැසිල්, ජොන්ස්ටන්, එස්. බී. අස්වෙන්න බෑම කියලා

0

ඊයේ (03) රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අගමැති මහින්ද රාජපක්ෂ හැර සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙමින් පත්‍රිකාවකට අත්සන් ඉල්ලා තිබීමත් සමඟ කැබිනට් මණ්ලඩලයේ ගැටුම්කාරී තත්වයකුත් ඇති වූ බවයි කියන්නේ.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් නොවිය යුතු බව බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් කියා ඇති බව වාර්තා වෙනවා. ආර්ථික අර්බුදය විසඳාගත්තොත් ආණ්ඩුවට පවතින්න පුළුවන් බවයි මේ පිරිස පවසා ඇත්තේ. එහෙත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවට ඉල්ලා අස් වීම හැර විකල්පයක් නැති බවයි. මෙම දෙපාර්ශවයේ මතගැටුම නිසා දරුණු වාග් ප්‍රහාර මෙන්ම ගුටිබැට එල්ල කිරීමට ආසන්න තත්වයකට පත්ව තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙන යෝජනාවට එතරම් කැමැත්තක් දක්වා නැති බවයි වාර්තා වන්නේ. ඉල්ලා අස්වීම සහ අර්බුදය පිළිබඳව අදහස් දක්වීම වෙනුවට හරියටම එක් මාසයක් පමණක් ඇමතිකම දැරූ අමාත්‍ය එස්. බී. දිසානායක වෙනත් කාරණා ඉදිරිපත් කරද්දී දැඩි විරෝධයක් එල්ල වී තිබුණා.

ඉල්ලා අස්වීමේ ලිපියට මුලින්ම මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් දෙන්නා අත්සන් කළ බවයි කියන්නේ. අනතුරුව ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා අත්සන් කිරීමත් සමඟ එකිනෙකා අත්සන් කර තිබුණා.

ඉල්ලා අස්වීමේ ලිපි අද උදේම ජනාධිපතිට

0

අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත නිල වශයෙන් භාරදී තිබෙන බව තහවුරු වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (04) උදෑසන එය නිල වශයෙන් බාරගන්නා බවයි වාර්තා වන්නේ.

ඊයේ (03) රාත්‍රියේ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිවලට අත්සන් කර අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබුණා. කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම් පිළිබඳව නිල වශයෙන් දැනුම්දීම සඳහා අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

අගමැති මහින්ද හැර කැබිනට් මණ්ඩලයම අස්වෙයි

0

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හැර අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. මේ වන විටත් කැබිනට් මණ්ඩලය තම තමන්ගේ ඉල්ලා අස්විමේ ලිපි බාර දිමට තීරණය කර ඇති බව තහවුරුව තිබෙනවා.

අධිකරණ ඇමති අලි සබ්රිත් ඉල්ලා අස්වෙයි

0

අධිකරණ අමාත්‍ය ධුරය දැරූ ජනාධිපති නීතිඥ ජනාධිපති නීතීඥ එම්. යූ. එම්. මීට සුළු මොහොතකට පෙර තම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඇමති නාමල් ඉල්ලා අස්වෙයි

0

අමාත්‍ය ධුර රැසක් දැරූ ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ සිය අමාත්‍ය ධුර සියල්ල වෙතින් ඉල්ලා අස්වූ බව පැවසෙනවා. පසුගිය 31 වෙනිදා මිරිහාන පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවෙස වටකරමින් පැවති උද්ඝෝෂණ වලින් අනතුරුව ආණ්ඩුවේ තනතුරකින් ඉල්ලා අස්වූ පළමු අමාත්‍යවරයා වන්නේ නාමල් රාජපක්ෂ යි.

ඉල්ලා අස්වූ නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයද දරුවා.

කොච්චිකඩේ පල්ලිය අසල ඇඳිරිය නොතකා ජන විරෝධය

0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කොළඹ, කොච්චිකඩේ දේවස්ථානය ඉදිරිපිට විශාල පිරිසක් එක්වී විරෝධය දක්වමින් සිටිනවා. ශාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් නම්කර තිබෙන පල්ලිය ඉදිරිපිට රැස්ව සිටින පිරිස් රජය විසින් පනවා තිබෙන හෙට (04) උදෑසන අවසන් වීමට නියමිත ඇඳිරි නීතිය නොතකා ආරක්ෂක අංශ බාධා කිරීමද නොසලකමිනුයි ආණ්ඩුවට එරෙහිව මෙම විරෝධය දක්වන්නේ.