රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය නොසලකමින් යාපනය විශ්වවිද්‍යාලය, කිලිනොච්චි මණ්ඩපයේ ශිෂ්‍යන් ආණ්ඩුවට එරෙහි විරෝධයට එක්ව සිටියා. එම පිරිස ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමිනුයි එම විරෝධයේ නිරතව සිටියේ.
මාලබේ නගරයත් ඇඳිරි නීතිය කඩයි
රජය විසින් ඊයේ (02) සිට පනවා තිබෙන ඇඳිරි නීතිය නොතකමින් මාලබේ නගරයේත් ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් පැවැත් වෙනවා. ප්‍රදේශවාසීන් පිරිසක් ආණ්ඩුවට එරෙහි විරෝධතා පුවරු අතැතිව මෙලෙස විරෝධතාවයේ නිරතව සිටිනවා.
පේරාදෙණියට කඳුළු ගෑස් සිසුන් නොනැවතී විරෝධයේ
ආණ්ඩුවට එරෙහිව ඇඳිරි නීතියද නොතකා විරෝධය පළකළ පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අප ඇමතූ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙකු පැවසුවේ එල්ල වූ පොලිස් කඳුළු ගෑස් හමුවේ පවතින ආණ්ඩුවට එරෙහි තම විරෝධය අත්නොහරින බවයි.
අලුත් කඩේ ඉස්සරහත් ඇඳිරි නීතිය බිඳෙයි
කොළඹ, අලුත් කඩේ අධිකරණය ඉදිරිපිට අද (03) පිරිසක් ආණ්ඩුවට එරෙහිව විරෝධතා පුවරු ඔසවා ගෙන සිටියා. ඇ රජය විසින් පනවා තිබෙන ඇඳිරි නීතිය නොසලා හරිමින්.
‘නැගිටින්න’ සනත් ජයසූරිය කියයි
නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ සනත් ජයසූරිය අදහස් පළකර තිබෙනවා. මිනිසුන් ලෙස එකතු වී අප වෙනුවෙන්, අපේ දරුවන් සහ මතු පරපුර වෙනුවෙන් නැගී සිටින්නැයි ඔහු පවසනවා.
“පසුගිය මාසය තුළ අපි ශ්‍රී ලංකිකයින් එක්ව නිහඬව දුක් වින්දෙමු. සෑම දෙයක්ම සහ සෑම කෙනෙකුටම බිඳෙන ලක්ෂ්‍යයක් ඇත. අපි ඒ තත්ත්වයට පැමිණ තිබෙනවා.ඊයේ උද්ඝෝෂණ අහිංසක මිනිසුන් පීඩාවට පත්කිරීමේ සහ අසාධාරණ පීඩනයේ ප්‍රතිඵලයක්.
කිසිවිටෙක ජාති ආගම් කුල භේදයෙන් හෝ පක්ෂ දේශපාලනයෙන් නොබෙදෙමු. අපි එක මිනිසුන් ලෙස එකතු වී අප වෙනුවෙන්, අපේ දරුවන් සහ මතු පරපුර වෙනුවෙන් නැගී සිටිමු.
WakeUpSriLanka
එය අප ගැන මිස ඔවුන් ගැන නොවේ
සාමකාමීව උද්ඝෝෂණ කරන්න, පොදු දේපළවලට හානි නොකරන්න, කරුණාකර ඔබේ සහෝදර සහෝදරියන්ට හානියක් නොකරන්න. මේක කැරලි ගැසීමක් නොව නිවැරදි දේ අදහස් පල කිරීමක් පමණයි” ඔහු සඳහන් කරනවා.
තොරතුරු හා තාක්ෂණ සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්ව තිබෙනවා.
ඕෂධ සේනානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තම ට්වීට් පණිවිඩයක් හරහා තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් ඇඳිරිය කඩා දමයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් රජය විසින් පැනවූ ඇඳිරි නීතිය නොතකා ආණ්ඩු විරෝධී පෙළපාලියක් පවත්වනවා. විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් මුල්කර ගනිමින් පැවැත්වෙන මෙම උද්ඝෝෂණය මේ වන විට නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය වෙත පැමිණ තිබෙන බවයි කියන්නේ.
සමගි ජන බලවේගය නිදහස් චතුරශ්‍රයේ ඇඳිරිය කඩයි
රජය විසින් පනවා තිබෙන ඇඳිරි නීතිය බිඳ දමමින් සමගි ජන බලවේගය සහ විපක්ෂයේ මන්ත්‍රීවරු නිදහස් චතුරශ්‍රයේ විරෝධතාවක නිරත වෙනවා. සජිත් ප්‍රේමදාස, කබීර් හකීම්, මනෝ ගනේෂන්, සුමන්තිරන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඊට එක්ව සිටිනවා.
ජාතික ජන බලවේගය ඇඳිරිය කඩා මහරගම උද්ඝෝෂණයේ
රජය විසින් පැනවූ ඇඳිරි නීතිය නොතකා ජාතික ජන බලවේගය මහරගම නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත් වෙනවා.
“ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන විශාල බැනරයක් යටතේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසේකර, කේ. ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස එරංග ගුණසේකර, විමල් කැටිපෙආරච්චි ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වෙමින් සිටිනවා. පොලිස් බාධා කිරීම් නොතකමින් විරෝධතාව අතර පිරිස සිය බැනරය යටතේම මහරගම නගරය මැද ගමන් කරමින් ම විරෝධයේ නිරත වෙනවා.
ඔස්ට්‍රේලියා මෙල්බර්න් වලත් ආණ්ඩුවට විරෝධය
ආණ්ඩුවට එරෙහිව රටින් පිටත පැවැත්වෙන විරෝධතාවයන් අතරට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධයද එක්ව තිබෙනවා. මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රයේ පැවැත්වෙන් එම විරෝධතාවයට ඒ අවට සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු එක්ව සිටින බවයි වාර්තා වන්නේ.