Home Blog Page 10

දියවන්නාවේ මාළු බෑම වැඩි වෙයි

0

ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇතැයි පොලිසිය පවසනවා.

පාර්ලිමේන්තුව අවට අධිආරක්ෂක දියවන්නා ජල තීරයේ අනවසරයෙන් මාළු ඇල්ලීමද වැඩිවී ඇති අතර මෙම තත්වය වහාම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.

මෙහි මූලික පියවරක් ලෙස දියවන්නා ජල තීරයෙහි බොහෝ ස්ථානවල අධි ආරක්ෂක කලාප බවට දැක්වෙන නාම පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරමින් ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශකයෙකු කියා සිටියා.

බෙහෙත් ගන්න ඇප් එකක්

0

කිසියම් ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.

එම නව ජංගම දුරකතන යෙදුම ‘‘මෙඩි සර්ච්‘‘ නමින් නම්කර තිබෙන අතර පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් නොමිලයේ එමගින් තොරතුරු ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ඖෂධ හිඟව තිබෙන අතර ඒවා සෑම ඔසුසලකම නොමැති වීමෙන් පාරිභෝගිකයන්ට ඖෂධ මිලදී ගැනීමට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

”මේවා ලංකාවට අලුත් දේවල් නෙවෙයි” – ආරක්ෂක ලේකම්

0

අධි ආරක්ෂිත කලාප නම් කිරීම බොහෝ කාලයක සිට යම්කිසි ආකාරයකින් එන තත්ත්වයන් පාලනයට යොදාගන්නා දේවල් බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න කියා සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලය අවහිර කරගෙන සිටි බවත් එවැනි අවහිරතා ඇති වනවා නම් එම ස්ථාන ආරක්ෂා කළ යුතු බවත් අධි ආරක්ෂිත කලාප අද ඊයේ ලංකාවට හඳුන්වා දුන් ඒවා නොවන බවයි.

කොළඹ නගරය තුළ ඉතාම සුළු ස්ථාන කිහිපයක් පමණක් ගැසට් නියෝගයක් මගින් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටිනවා.

රට තුළ යම්කිසි ස්ථාවර තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබියදීත් විරෝධතා පවත්වමින් ජනතාවට හිරිහැර කරන්නේ නම් ඒ සඳහා පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

”විරෝධය දක්වන්න පැය 06කට කලින් අනුමැතිය ගන්න” – වැඩබලන ආරක්ෂක අමාත්‍ය

0

විරෝධතා පැවැත්වීම සඳහා පැය 06 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කර සිටින්නේ සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බවයි.

තවද වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටින්නේ අධිආරක්ෂක කලාප නම් කරනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවයි.

බ්‍රිතාන්‍ය බාල්දු වෙයි

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම වාර්තාගත අන්දමට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම මෙලෙස පහළ වැටුණේ 1971 වසරෙන් පසුවය බවයි.

ඉඩම් ඉල්ලා යාපනයේ විරෝධතා

0

යුද්දය හේතුවක් කරගනිමින් අධිආරක්ෂිත කලාප ලෙස නම්කර පවරා ගත් යාපනයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අක්කර 3000 ක් පමණ නිදහස් කරන ලෙස එම ඉඩම් හිමියන් විසින් ඉල්ලා සිටිනවා.

එම ඉඩම් නීත්‍යානුකූලව නැවත මුල් අයිතිකරුවන්ට ලබාදෙන ලෙස ඉල්ලා යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණා. යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය ආසන්නයේදී මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ ‘උතුරු නැගෙනහිර නැවත පදිංචි වූවන්ගේ සංගමය’ විසින්.

යුද්දය නිසා තමන්ට වසර 30 කට අධික කාලයක් තමන්ගේම මුල් ඉඩම් අහිමි වූ බවත් ඉඩම් අහිමි වීම හේතුවෙන් මේ වන විටත් තමන් කුලී පදනම මත සහ ඥාතීන්ගේ නිවෙස් වල ජීවත්වීමට සිදුව ඇති හෙයින් වහාම සිය මුල් ඉඩම් ලබාදීමට රජය විසින් පියවර ගත් යුතු බවත් විරෝධයේ නිරතවූවන් පවසා සිටිනවා.

යුද්දය අවසන් වී ඇති හෙයින් විශාල ඉඩම් ප්‍රමාණයක් අධිආරක්ෂිත කලාපයන්ට වෙනකර තැබීම මගින් තමන්ගේ කුඹුරු මෙන්ම කෘෂිකර්මාන්තයද කරගැනීමට නොහැකි බවයි ඔවුන් කියන්නේ. ඒ නිසා දැඩි සෙයින් පීඩාවන්ට පත්ව සිටින බැවින් යාපනයේ ආරක්ෂක අංශ බාරයේ ඇති සියලු ඉඩම් සාමාන්‍ය වැසියන්ට නිදහස් කර දෙන මෙන් විරෝධතාකරුවන් පවසා සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ නිසා සතොසට පරිප්පුවක්

0

ලංකා සතොස භාණ්ඩ ආනයනකරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන්ට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන් පසුගිය කාලයේ අලෙවි කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600ක පමණ අලාභයක් භාණ්ඩාගාරයට සිදුවී ඇති බව කියනවා.

පරිප්පු කිලෝව රුපියල් 154 කට ආනයන කරුවන්ගෙන් මිලදී ගෙන පරිප්පු කිලෝවක් රුපියල් 65කටත්, රුපියල් 210 බැගින් මිලදී ගත් සැමන් ටින් එකක් රුපියල් 100 කටත් සතොස මගින් මහජනතාවට අලෙවි කෙරුවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් කොරෝනා සමයේදී මහජනතාවට දෙන ලැබූ පොරොන්දුවක් මත මෙසේ අඩු මිලට පරිප්පු සහ සැමන් ලංකා සතොස හරහා අලෙවි කළා.

”අපි තෝරාගන්නේ දෙවනි පාර” – අනුර කුමාර දිසානායක

0

පසුගිය කාලයේ මුළු සමාජයම පීඩාවට පත්ව සිටියදී ලක්ෂ ගණන් ජනතාව මහ පාරට පැමිණ අරගල කළත් අවසානයේ සම්පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වූ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. ඔහු කියන්නේ දෙවෙනි ජනතා නැගිටීම සිදුවන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් බවයි ඔහු කියන්නේ.

“අපි අපේ ජීවිත කාලය තුළ දකින්නට ලැබුණ විශාලම ජනතා නැගිටීම සිදුකරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ නම් සුදු වෑන් කල්ලි මෙහෙයවූ මර්දනකාරී නායකයා විධායක ජනාධිපති ලෙස සේනාධිනායක ධුරය දරන ලද කාලයේ දී. ඒ විතරක් නෙමෙයි ඔහුගේ පාලනයට පාර්ලිමේන්තුවේ තුන්නේ දෙකේ බලයක් සහිත ඇමති මණ්ඩලයක්ද තිබුණා. මෙයින් තහවුරු වූණේ මොකක්ද, බලය තිබෙන්නේ ජනතාධිපති ධුරයේ හෝ හමුදාව හෝ පොලීසියේ නොවන බව. ඇත්ත බලය ඇත්තේ ජනතාව ලඟ බව. ඒක තමයි එම නැගිටීමෙන් ඔප්පු කළේ.

එයින් ලබාගත නොහැකි වූ සම්පූර්ණ ජයග්‍රහණය හමුවේ බොහෝ දෙනෙක් අපේක්ෂා භංගත්වයට පත්ව සිටියත් විසිරී තිබෙන ජන බලය සංවිධානාත්මකව එක්කරමින් දෙවෙනි නැගිටීම සිදුවන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය සහ මෙහෙයවීමෙන්. එය ජයග්‍රහණයෙන් කෙලවර කරනවා. ඒ නිසා බොහෝ දෙනා කලබල වී සිටයත් ජාතික ජන බලවේගය කළබල වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා හුදකලා අරගලවලින් ජයග්‍රහණ ලබා ගත නොහැකි බව. සංවිධානගත වී අවසන් ජයග්‍රහණය ලබා ගැනීමේ අරගලයට අකුරැස්ස මැතිවරණ කොට්ඨාසයෙන් විශාල බලයක් ලබා දිය හැකියි” යි ඔහු පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ‘විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩ නගමු!’ යනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන එහි ආසන සමුළු පිහිටුවීම අකුරැස්සෙන් ආරම්භ කළ අවස්ථාවේ දී.

“විධායක ජනාධිපති ගෝඨාභයට රටින් යන්න වුණේ ජනතාවගේ බලය නිසා. අද ඇමතිවරයෙකුට ගමට යන්න බෑ, මලගෙදරකට යන්න බෑ. ඒ තමයි ආණ්ඩුවත් ආණ්ඩුවේ පාලකයන්ටත් තියෙන ජනතා විරෝධය.

රනිල් කියන්නේ බලය එන්ජෝයි කරන කෙනෙක්. මෙයා තෙතමනයක් නැති වියළුණු නායකයෙක්. එහෙම කෙනෙක්ව බලයේ තියාගෙන තව අවුරුදු දෙකකට ටිකක් වැඩි කාලයක් මේ රට මෙහෙම ම ගෙනියනවද, එහෙම නැත්නම් සංවිධානය වෙන්න අපිට තියෙන පාරවල් දෙකෙන් එකක් තෝරාගෙන මේ පාලනය පරාජය කරනවද. අපි මේ පාරවල් දෙකටම ලැස්ති වෙමු. එකක් තමයි පාරට බැහැලා උද්ඝෝෂණ හරහා මේ දුර්දාන්ත පාලනය පලවා හැරලා බලය ගන්න. ඒක ටිකක් සංකීර්ණයි. දෙක පාරට බැහැලා උද්ඝෝෂණ හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දෙට යන එක. මේ නිශ්චිත මොහොතේ අපි ජාතික ජන බලවේගය ලෙස තෝරාගෙන තියනවා දෙවැනි පාර.

ජනතාව අතේ තමයි මේ බලය තියෙන්නේ. ඒ නිසා අරගල කරලා දිනාගන්නා ඡන්දයේ දී හැම ඡන්ද පෙට්ටියක්ම ජයග්‍රහණය කරන ඇත්තටම මහජන ඡන්දයෙන් පුරවන්න අපි එකතු වෙලා සැලසුම් හදන්න ඕනේ” යි මන්ත්‍රී අනුර දිසානායක කියනවා.

පිටි මිටියක් 21 000/= යි

0

කිලෝග්‍රෑම් 50ක තිරිඟු පිටි මිටියක මිල වෙළෙඳපොළේ රුපියල් 21 000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ පවතින තත්ත්වය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල බේකරි රැසක් වැසී ගොස් ඇති බවයි.

කෙසේ වුවද ඇණවුම් කළ තිරිඟු පිටි තොග දිවයිනට ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටිනවා.

”විදුලි බිල ගැන ඉස්සරහට මොකක්හරි කරන්න පුළුවන් වෙයි” – අගමැති

0

විදුලි බිල සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාධාරණ විසඳුමකට පැමිණීමට හැකියාව ලැබෙනු ඇති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටිනවා.

ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙම්න් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ සියලුදෙනාගේ එකමුතුවෙන් පවතින අර්බුදයෙන් ගොඩඒමට හැකියාව ඇති බවයි.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේ විදුලිය පිළිබඳ අර්බුදයක් ඇති බවට තමාද පිළිගන්නා බවයි.