Home Blog Page 11

”කන්න දෙයක් නෑ, නමුත් සුරපුරයක්” – කාදිනල් හිමි

0

එළඹෙන මාර්තු මස දී පළාත් පාලන ඡන්දය අනිවාර්යයෙන් පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසනවා. ආණ්ඩුවට එරෙහි වීමට ඉන් අවස්ථාව උදාවන බවයි කාදිනල් හිමියන් කියන්නේ.

“ශ්‍රී ලංකාව තුළ යම් ආකාරයක මධ්‍යම පංතියක් හිටියා නම්; ඒ මධ්‍යම පංතියත් දැන් දිලිඳුන්ගේ පංතියට වැටිලා හමාරයි. ලොකු මහ පාරවල් හැදුවට, ලෝකයටම මහන්තත්තකම පෙන්නුවාට, මහ කුලුනු හැදුවට, ලෝකයටම පන්පෝරි ගහන්න ලොකු ගුවන්තොටුපොළවල් හැදුවාට, එක ගුවන්යානයක්වත් නතර වෙන්නේ නැහැ. ලංකාවේ බොහෝ දෙනෙක් කන්න වේලක් නැතුව ජීවත්වෙන තත්ත්වයට අද වැටිලා තියෙන්නේ. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා අද ඒ අය ලෑස්ති වෙනවලු. නත්තලට කොළඹ නගරය සුරපුරයක් වගේ පෙන්න. කන්න දෙයක් නැහැ, නමුත් සුරපුරයක්. නායකයන් සතුටින් ඉන්නවා. ලෝකයේ හැම රටවල්වලම හිඟාකන්නට ගිහිල්ලා තියෙන රටක් ලංකාව. බොරු ෂෝ කරලා එම්ටි පොකට්.

මගේ පියතුමන්ලා කිහිපදෙනෙක්ම මට කිව්වා දහම් පාසලට එන ළමයින්ට ඉස්සරෝම කන්න දෙන්න ඕනේ නැත්නම් කලන්තේ දානවා කියලා. ඉගෙන ගන්නේ කොහොමද අහස උසට කුලුනක් හදලා. ඒකෙන් කොමිස් ගැහුවා ඒවාට මොකුත් නැහැ. ඒ සල්ලි කොහේ ගියාද කියලා නැහැ. අහස උසට කුලුනු ගැහුවා කියලා ලංකාව දියුණුයි කියලා කියන්න බැහැ.

මැතිවරණ කොමිසමෙන් අපි ඉල්ලා සිටිනවා ලබන අවුරුද්දේ මාර්තු මාසයේ පවත්වන්න තිබෙන ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දය පවත්වන්න කියලා. ඒක අපේ අයිතිවාසිකමක්. එතකොටවත් මේ ආණ්ඩුවට උත්තර දෙන්න අපිට පුළුවන්” යයි උන්වහන්සේ පවසනවා.

අත්අඩංගුවට ගත් 83 ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි

0

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මානව හිමිකම් කොමිසම සඳහන් කරන්නේ හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි.

එමෙන්ම දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 83 දෙනා අද (25) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දූව සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ඔවුන්ගෙන් ‍ඊයේ (24) රාත්‍රියේ ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සාමකාමී විරෝධතා පා ගමනක් අතරතුර අත්අඩංගුවට ගත් පිරිස අතරට භික්ෂූන් වහන්සේලා දෙනමක්, පිරිමි පුද්ගලයින් 77 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු ඇතුළත් වනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර ද වන අතර ඔවුන් මේ වන විට මරදාන හා කොම්පඤ්ඤ වීදිය යන පොලිස් ස්ථානවල රඳවා සිටිනවා.

රූපලාවන්‍යාගාර වැසීයාමේ අවදානමක

0

ආනයන සීමා හේතුවෙන් මේ වනවිට රූපලාවන්‍යාගාර 90%ක් පමණ වසාදැමෙන තත්ත්වයකට පත්වී තිබෙන බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා.

ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී අපෝන්සු සඳහන් කර සිටියේ මේ හේතුවෙන් සිය සේවකයන් 80% ක් පමණ ඉවත් කිරීමට සිදුවන බවයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ මාස හයකට වරක් උපකරණ අලුත් කළ යුතු බවත් මෙම නිෂ්පාදන ගෙන්වා ගැනීම සඳහා මේ මාසය අවසන් වන විට හෝ මෙම සීමා ඉවත් කළ යුතු බවයි.

තෙල් මිල පහළට

මාස 8 කට පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඇමරිකානු වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල 5.7% කින් පමණ පහළ ගොස් බැරලයක්, ඩොලර් 78.74 ක් ලෙස සටහන් වූ බවයි.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් 4% කින් පහළ ගොස් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 86යි සත 15ක් ලෙසයි.

පසුගිය මාස 12ක කාලය තුළ තෙල් මිල ඉහළ යමින් තිබූ අතර පසුගිය පෙබරවාරි මාසයේ රුසියාව, යුක්‍රේන ආක්‍රමණය සිදු කිරීමත් සමග එය තවත් වේගවත් වුණා.

ගල්අඟුරු ගන්න ක්ෂණික ටෙන්ඩර්

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා එළඹෙන අඟහරුවාදා ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ කියා සිටිනවා.

ඔහු පෙන්වාදෙන්නේ ගල්අඟුරු මිලදී ගැනීම සඳහා විවෘත කළ ටෙන්ඩරය අවලංගුවීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

දැනට පවතින ගල් අඟුරු තොග පවතින්නේ ඔක්තෝබර් 20 දක්වා පමණක් බවත් ඒ අනුව නව ටෙන්ඩරය සඳහා ඉදිරිපත්වීමට සියලුදෙනාට අවස්ථාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

”රාජපක්ෂ රාජ්‍යයක් පිහිටුවනවා” – මහින්දානන්ද අලුත්ගමගේ

0

එළඹෙන දෙසැම්බර් වනවිට රටේ අර්බුදය අවසන් කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මහනුවරදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්අමතමින් ඔහු මේ බව කියා සිටියා.

අලුතින් රක්ෂිත තුනක්

0

නන්දිකඩාල්, නයාරු හා සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටින්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.

සාම්බලතිව් නයාරු හා නන්දිකඩාල් කලපු වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමටත්, දැනට විවිධ අපද්‍රව්‍ය පිරී ඇති එම කලපු පිරිසිදු කිරීම සඳහාත් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්වුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මෙි බව සඳහන් කර තිබුණා.

මෙම අවස්ථාවට ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයාද සහභාගී වී තිබෙනවා.

ලංකාවට ගේන තෙල්වල ප්‍රමිති ප්‍රශ්නයක්

0

මෙරටට ආනයනය කර ඇති, විදුලි උත්පාදනයට ද යොදා ගන්නා බොර තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්ණයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක සදහන් කළේ, මෙම බාල වර්ගයේ බොරතෙල් මේ වන විට භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

විදුලි උත්පාදනයට අත්‍යවශ්‍ය ගල් අඟුරු ආනයනය ද මේ වන විට ඇත්තේ දැඩි අර්බුදයක්. කඩිනමින් ගල් අඟුරු ආනයනය නොකළහොත් දෛනික විදුලි කප්පාදුව ලබන මාසයේ සිට පැය 8 ත් 10 ත් අතර කාලයක් දක්වා දීර්ඝ වනු ඇති බවටයි දැනටමත් අනතුරු අඟවා ඇත්තේ. ගල් අඟුරු තොග ඇණවුම් කළ යුතු අවසන් දිනය අදයි.

දෛනික විදුලි කප්පාදුව අද සිට ලබන 25 වනදා දක්වා පැය දෙකයි විනාඩි විස්සක් දක්වා දීර්ඝ කෙරුණා. ඒ, මෙතෙක් ක්‍රියාත්මක වූ විදුලි කප්පාදු කාලය තවත් පැයකින් දීර්ඝ කරමින්. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම හා වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා ඉන්ධන නොමැති වීමයි.

විද්‍යුත් මාධ්‍යටත් ආචාරධර්ම

0

ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සඳහා හැකිවන ලෙස නව විකාශන නීතියක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර කරනු ලැබුවා.

මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම අරමුණු කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.


ඒ අනුව අධිකරණ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව අදාළ අමාත්‍ය මණ්ඩලය අනුකමිටුව පත්කර තිබෙනවා.

කැනඩා මහකොමසාරිස් හා අනුර දිසානායක හමුවෙයි

0

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (23) උදෑසන බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා වෙළඳ කොන්සියුලර් ඩැනියෙල් බූඩ්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස එක්ව තිබුණා.

මෙම හමුවේදී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති අභියෝග පිළිබඳවත් අදහස් හුවමාරු කරගත් බවයි කියන්නේ.