”මේවා ලංකාවට අලුත් දේවල් නෙවෙයි” – ආරක්ෂක ලේකම්

අධි ආරක්ෂිත කලාප නම් කිරීම බොහෝ කාලයක සිට යම්කිසි ආකාරයකින් එන තත්ත්වයන් පාලනයට යොදාගන්නා දේවල් බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න කියා සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලය අවහිර කරගෙන සිටි බවත් එවැනි අවහිරතා ඇති වනවා නම් එම ස්ථාන ආරක්ෂා කළ යුතු බවත් අධි ආරක්ෂිත කලාප අද ඊයේ ලංකාවට හඳුන්වා දුන් ඒවා නොවන බවයි.

කොළඹ නගරය තුළ ඉතාම සුළු ස්ථාන කිහිපයක් පමණක් ගැසට් නියෝගයක් මගින් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටිනවා.

රට තුළ යම්කිසි ස්ථාවර තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබියදීත් විරෝධතා පවත්වමින් ජනතාවට හිරිහැර කරන්නේ නම් ඒ සඳහා පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles