“මහින්ද රාජපක්ෂ අද (01) මානව හිමිකම් කොමිසමට කැඳවන්නේ නෑ” – මානව හිමිකම් කොමිසම

ගෝඨාගෝගම හා මයිනාගෝගම සාමකාමි අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (01) මානව හිමිකම් කොමිසම හමුවට නොකැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සියලු පොලිස් නිලධාරීන්ගෙන් හා බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන නොමැති වීම හේතුවෙනුයි.

මානව හිමිකම් කොමිසම පවසන්නේ වින්දිත පාර්වශයෙන්ද තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවයි.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිසම කියා සිටිනවා.

POPULAR

Recent articles