ණය පදනමින් ලංකාවට ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40 000ක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව විසින් ලබාදීමට නියමිත බව වාර්තා වෙනවා. එම ණය මුදල සැකසෙන තුරු මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දියාව විසින් ලබාදීම අද (15) කොළඹ වරායේ දී සිදුව තිබෙනවා.

ඉන්දියාවේ ස්වර්ණ පුෂ්ප නැවෙන් රැගෙන ආ මෙම ණය පදනමින් ලබාදෙන ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වෙත ලබාදී තිබෙනවා. එම අවස්ථාව උත්සව අවස්ථාවක් කරගනිමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනද ඊට එක්ව තිබුණු බවයි කියන්නේ.

POPULAR

Recent articles