“ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබාදීම නවතා නැහැ” – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට වීසා නිකුත් කිරීම නවතා දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

පසුගිය දින කිහිපය තුළ එහි වීසා අංශයේ කාර්ය මණ්ඩලයට කාර්යාලයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් යම් දුෂ්කරතාවයට මුහුණදී සිටින බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ වීසා නිකුත්කිරීමේ කටයුතු ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවට ගමන් කිරීමට පහසුව සැලසීමට තමන් කැපවී සිටින බවයි.

POPULAR

Recent articles