රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යුක්රේන දේශ සීමාවට

රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය තව දුරටත් වැඩි කරමින් රුසියාව විසින් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්රේන දේශ සීමා වෙත යවා ඇති බව වාර්තා වෙනවා.

බටහිර බෙල්ගොරොඩ් ප්‍රදේශයේ රුසියානු හෙලිකොප්ටර් පියාසර කරන අයුරු වීඩියෝ දර්ශන මගින් තහවුරු කර තිබෙන අතර බටහිර බෙල්ගොරොඩ් සිට යුක්රේනයට ඇත්තේ සැතපුම් 19 ක දුරක් බව විදෙස් මාධ්‍ය පවසනවා.

බටහිර රුසියාවේ විවිධ ස්ථානවල කමොව් කේ.ඒ 52, එම් අයි 8එස් සහ එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පියාසර කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයන්හි සැරිසරනවා.

2014 වසරේදී රුසියාව ක්‍රිමියා අර්ධද්වීපය අල්ලා ගැනීම සඳහා පහර දීම ආරම්භ කර අවස්ථාවේද මෙවැනිම ආකාරයෙන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා බටහිර බෙල්ගොරොඩ් ප්‍රදේශයේ දැකගත හැකි වූ බව විශ්ලේෂකයෝ පවසනවා.

2014 වසරේදී රුසියාව ක්‍රිමියා අර්ධද්වීපය අල්ලා ගැනීම

POPULAR

Recent articles