”රන්ජන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේනවා” – විපක්ෂ නායක

ජාතික ලැයිස්තුවෙන් පුරප්පාඩුවක් ඇතිවූ පළමු අවස්ථාවේම රන්ජන් රාමනායකහට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරනවා. සමගී ජන බලවේගයේ පාක්ෂිකයන්ට පොරොන්දුවක් ලබා දෙමින් විපක්ෂනායකවරයා මේ බව සිය twitar ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකීර් මාකර්, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් පාර්ලිමේන්තුවට පත්වී තිබෙනවා. රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට පිවිසුන හොත් ඔවුන් ගෙන් කෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අහිමිවනු ඇති.

POPULAR

Recent articles