බස් ගාස්තු සියයට 50කින් ඉහළට?

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.

ඒ අනුව අවම ගාස්තුව ඇතැළු සියලු බස් ගාස්තු මේ ආකාරයෙන් වැඩ කරන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම්වරයා කියා සිටියා. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ලබන සඳුදා (14) දිනය වන විට බස් ගාස්තු සංශෝධනයකට යා යුතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අවම බස් ගාස්තුව රුපියල් තිහේ සීමාව දක්වා ගෙන යාමට අවශ්‍ය නොවන බවයි. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා අද (12) දිනයේ දී ජාතික ගමනාගමන කොම්ෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සිදුකිරීමට නියමිත බව ද සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා එහිදී කියා සිටියා.

POPULAR

Recent articles