A/L සිසුන් වෙනුවෙන් විමල් වීරවංශ ඉල්ලීමක් කරයි

2022 උසස් පෙළ විභාගය කල් දමන ලෙස අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත වෙත උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ ලිපිය මඟින් ඔහු පෙන්වා දෙන්නේ 2022 අපොස (උසස් පෙළ) විභාගය පෙර වසරේ ප්‍රතිඵල නිකුත් කොට මාස තුනක පමණ කාලයකට පසු පැවැත්වීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි.

එසේම 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු කණ්ඩායම් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී 78% ක පමණ සිසු පිරිසක් මෙවර විභාගය 2023 පෙබරවාරි මාසය දක්වා කල් දමන ලෙස ඉල්ලා ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

ඒ අනුව 2022 අපොස (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ඒ සඳහා සූදානම් වීමට සාධාරණ කාලයක් ලබා දීමට පියවර ගන්නා ලෙස විමල් වීරවංශ යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles