බැසිල් හා ආ⁣ටිගල ඉන්දියාවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආ⁣ටිගල මීට ටික වෙලාවකට පෙර ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත් ව ගියා.

මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වන්නේ, ඉන්දියාව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන එකක ණය ගිවිසුමක් අස්සන් තැබීමයි.

එම ණය මුදල හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඖෂධ සහල් තිරිඟු පිටි හා සීනි ලබා දීමට නියමිත යි.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දීය රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක ණය මුදලක් ලබා දීමට පියවර ගත්තා.

ඒ අතුරින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් මූල්‍ය ණය මුදලක් ලෙස ලැබෙන අතර, ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක මුදල ලැබෙනුයේ භාණ්ඩ අධාර වශයෙනු යි.

POPULAR

Recent articles