“කොවිඩ් 19 පරීක්ෂණ කට්ටලවල හිඟයක්” – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ලොව තුළ ව්‍යාප්ත වීම හරහා කොවිඩ් 19 පරීක්ෂණ කට්ටලවල හිඟයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඔහු අවධාරණය කරන්නේ මීට පෙර මිලියන ගණන්වලින් ලැබුණු පරීක්ෂණ කට්ටල අද වන විට පහළ මට්ටමකට පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත් මේ මොහොත සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල හිඟයකින් තොරව මෙරට තුළ පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

තවත් එන්නත් ලබා නොගත් බොහෝ පිරිසක් සිටින් බව සඳහන් කළ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටින්නේ කෙසේ හෝ එන්නත් ලබාගැනීම සඳහා සියලු දෙනාව උනන්දු කරවිය යුතු බවයි.

එමෙන්ම රට විවෘත කර තිබෙන අවස්ථාවක දී නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හරහා නැවතත් අවදානමක් ඇති වීම වළක්වා ගත හැකි බව වෛද්‍ය හේමන්ත හේ‍රත් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

POPULAR

Recent articles