මහ බැංකුව මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණයි

ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇතැයි මහ බැංකුවේ නිල දත්ත වාර්තා අනාවරණය කරයි. ජනවාරි මාසයේ දී මෙලෙස රන් සංචිතයෙන් කොටසක් විකුණා ඇති අතර, ඉකුත් දෙසැම්බර් මාසයේ පැවති ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක රන් සංචිතය ජනවාරි මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් දක්වා අඩු වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දෙසැම්බර් මාසයේදී ද සිය රන් සංචිතයෙන් කොටසක් විකුණා දැමුවා. ඉකුත් වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව සතුව ටොන් 3.1ක රන් සංචිතයක් තිබුණු බවට ඇස්තමේන්තු කර තිබුණා. ඒ අනුව ජනවාරි මාසයේ රන් සංචිතය විකුණා දැමීමත් සමඟ මේ වන විට ශ්‍රී ලංකාව සතු රන් සංචිතය ටොන් 1.6ක් දක්වා අඩු වී තිබෙන බවයි කියන්නේ.

POPULAR

Recent articles