”මිලියන 7 200ක හිඟ මුදල් අයවිය යුතුයි” – ජල සම්පාදන මණ්ඩලය

2022 අගෝස්තු මාසය වන විට සමස්ත ජල පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 7,200ක හිඟ මුදලක් අයවීමට ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි නිලධාරීන් සඳහන් කරන්නේ එම හිඟ මුදලින් රුපියල් මිලියන 5000ක් අයවිය යුත්තේ ගෘහ පාරිභෝගිකයින්ගෙන් බවයි.

රුපියල් 5000 ට වඩා හිඟ මුදල් ඇති වසරක් තුළ කිසිඳු ගෙවීමක් නොකළ 18 000 ක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් රුපියල් මිලියන 360ක හිඟ මුදලක් ඇති බවද ඔවුන් පවසනවා.

අමාත්‍යවරුන්ගේ හිඟ මුදල් රුපියල් මිලියන 12ක පමණ ප්‍රමාණයක් ඇති බවත් ඔවුන්ගේ නිල නිවාස ගිවිසුම් අලුත් කිරීමට පැමිණීමේදී හිඟ මුදලක් ඇත්නම් මාස දෙකක් තුළ ජල සැපයුම විසන්ධි කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා උපදෙස් ලබාදී ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles