“කැලණිතිස්ස බලාගාරයට මෙතෙක් ඩීසල් ලබාදී නෑ” – ලංවිම

කැලණිතිස්ස බලාගාරයේ විදුලිය නිෂ්පාදනයට මෙතෙක් ඩීසල් ලබා දී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක හා අතිරේක සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුණි සඳහන් කරන්නේ පසුගිය 02 වනදා සිට එම බලාගාරයේ කටයුතු ඇනහිට ඇති බවයි.

මේ අතර සපුගස්කන්ද විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන හෙට (15) දිනයටත් ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර ඇති බව ඔහු පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ විදුලි උත්පාදනය මේ දිනවල 25%ක් ජල විදුලියෙන් සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් විදුලිය නිෂ්පාදනයට කාසල්රී ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ තවත් සතියක් වැනි කාලයක් සඳහා පමණක් වනවා.

විදුලි උත්පාදනයට සමනල වැව ජලාශයේ ජල ධාරිතාව ද තවත් මාසයක කාලයක් සඳහා ප්‍රමාණවත් බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙනවා.

මේ අතර මාස 03 ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බැවින් ඒ සඳහා අවසර දීමට සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා සඳහන් කර තිබුණා.

POPULAR

Recent articles