“සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ” – යුද හමුදාපති

කොවිඩ් 19 සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එමෙන්ම යුද හමුදාපතිවරයා පවසන්නේ මේ මොහොතේ සියලුම රටවැසියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශය කරුණක් බවයි.

මේ අතර සමාජය තුළින් හඳුනා ගන්නා කොවිඩ් 19 ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසනවා.

මේ අතර තවත් කොවිඩ් 19 ආසාදිතයින් 1331 දෙනෙකු ඊයේ (06) දිනයේදී මෙරටින් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 618, 520ක් වනවා.

තවත් කොවිඩ් 19 මරණ 23 ක් ඊයේ (06) දිනයේ වාර්තා වූ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ පෙරේදි දිනයේ තහවුරු කළ බවයි.

ඒ අනුව මේ වනවිට මෙරට කොවිඩ් 19 ආසාදනය වීමෙන් පුද්ගලයින් 15,595 දෙනෙකු මියගොස් තිබෙනවා.

POPULAR

Recent articles