කොංගෝවට වන්දි ගෙවන්නැයි ජාත්‍යන්තර අධිකරණයකින් උගන්ඩාවට නියෝග

කොංගෝ රාජ්‍යයට ඩොලර් මිලියන 325ක වන්දියක් ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ ඉහළ අධිකරණයක් විසින් උගන්ඩාවට නියෝග කර තිබෙනවා.

ඒ 90 දශකය අගභාගයේ දෙරට අතර පැවති යුද්ධයේදී සිදුවූ ජීවිත හා දේපල හානි සදහා වන්දියක් ලෙසයි.

උගන්ඩා හමුදාව අන්තර්ජාතික නීති උල්ලංඝනය කල බවට එක්සත් ජාතීන්ගේ අධිකරණය තීන්දු කර ඇති අතර වසර 15ක පමණ නඩු විභාගයකින් පසු නිකුත් කෙරුණු එම තීන්දුව පිටු 119කින් සමන්විත වනවා.

මෙම තීන්දුව මගින් වන්දි ගෙවිය යුතු ආකාරය නඩු තීන්දුවෙන් වෙන්කර දක්වා ඇති අතර ස්ත්‍රී දූෂණය, ළමා සොල්දුදාවන් බලහත්කරයෙන් බඳවා ගැනීම හා පුද්ගලයින් පන් ලක්‍ෂයක් පමණ අවතැන් කිරීම වැනි කරුණු ඊට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

POPULAR

Recent articles