පෞද්ගලික බස් සඳුදා (06) සිට ධාවනයෙන් ඉවත්වෙයි

බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් එළඹෙන සදුදා (06) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම නිසා මෙම තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැදී සිටීමට සිදුවන බවයි.

ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් සභාපතිවරයා කියා සිටිනවා.

මගී බස් රථ සඳහා මේ සතිය තුළ ඩීසල් ලබාදීමට ප්‍රමුඛත්වයක් ලබා නොදුනහොත් සදුදා සිට බස් රථ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් ඔහු තවදුරටත් පවසනවා.

POPULAR

Recent articles