බලශක්ති අර්බුදයට, පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම ගැන විමසීමට ජනපති සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපතිවරයා කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා.

විදුලිබල උත්පාදනයට ජල, සූර්ය ශක්තිය, සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සෘජුව හමු වී තොරතුරු විමසා බැලීම ජනාධිපතිතුමාගේ මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි.

කෙසේ වුවද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම රජයේ අරමුණ වී තිබෙනවා.

එමෙන් ම රට තුළ උද්ගත ව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙටිකාලයක් තුළ දායක කර ගැනීමට ඇති හැකියාව සොයා බැලීම ද මෙහිදී සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අලුතින් ඇරඹීමට ඉල්ලුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේදී සිදු ව ඇති ප්‍රමාදයන් පිළිබඳ සොයා බැලීම මෙම චාරිකාවේ තවත් අරමුණක් ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙනවා.

POPULAR

Recent articles