“වසර හැත්තෑ හතරක්ම රට පාලනය කරේ වයෝවෘද්ධ නායකයෝ” – රොෂාන් රණසිංහ

මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය තමන්ගෙන් ගලවලා අන් කෙනාට ලබා දුන්නේ කෝටි 50ක් ලබාදීලා බව ආරචියක් පැතිර යනවායි පොහොට්ටුවේ මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා. ඔහු කියන්නේ “ඒකට හේතු වුණේ රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය හිටියොත් අපේ අයියගෙ, දේශපාලනයට තර්ජනයක් වෙලා අයියාගේ දේශපාලනය ඉවර වෙනවා” කියලා බවට ආරංචි ඇති බවයි.

“මේ විදිහයට කෝටි 50කට ඇමතිකමක් විකිණෙන්නත් ඒ කෝටි 50 කවුද ගත්තේ කියලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් මම ඉල්ලා සිටිනවා” යි මන්ත්‍රීවරයා පවසනවා.

“ඒ වගේම වසර හැත්තෑ හතරක්ම රට පාලනය කරේ වයෝවෘද්ධ නායකයෝ. නමුත් මේ රටේ හොඳ බුද්ධිමත් තරුණ දේශපාලන නායකයින් ඉන්නවා, හොඳ ප්‍රායෝගික ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන් පිරිසක් සිටිනවා. මේ රටවල් පාලනය කරන්න ඒ අයටත් අවස්ථාවව දෙන්න ඕනේ. ඉදිරි මැතිවරණ වලදී ඒ අයට අවස්ථාව ලබා දිය යුතුයි. ජාතික ආණ්ඩුවකට එකතු වීමට අකමැති අයකු වේනම් ඒ එකෙකුවත් ඊළඟ මැතිවරණයකදි පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

වෛරයෙන් ක්‍රෝධයෙන් කවුරු හරි කටයුතු කළොත් ඒ පුද්ගලයන්ට ඒ පක්ෂවලට හරියන්නේ නෑ. එහෙම ආණ්ඩුවක් කරනවා නම් පැවැත්මක් නැහැ, හැට නවලක්ෂයක් ඡන්දෙ දීපු අයට වසර එක හමාරකින් මේ ආණ්ඩුව එපා වුණා. ඒකට සාධාරණ හේතු ඇති. මම ගොවි ජනතාව සමඟ සිටින නායකයෙක් හැටියට, ගොවීන්ගෙන් පත්වුණු නායකයෙක් හැටියට ප්‍රකාශයක් කරලා තනතුරු අතහරින්න හේතුවුණේ ගොවිජනතාවට සිද්ධ වුණා ගැටලු නිසා. ගොවි ජනතාවට රසායනික පොහොර දෙන්න බැරිනම් කෙලින්ම කියන්න ඕනේ දෙන්න බෑ කියලා. මම වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට යෝජනා කළා ගොවියන්ට පොහොර දෙන්න බැරිනම් පෞද්ගලික සමාගම්වලින් පොහොර ලබාගන්න මුදල් හරි දෙන්න කියලා. ඒකට කීපදෙනෙක් කැමැත්ත පළ කළා. මේ ආර්ථික සමාජ විනාශයට, හැත්තෑ හතෙන් පසුව රට පාලනය කරපු හැම නායකයෙක්ම වගකියන්න ඕන.

පාර්ලිමේන්තුවේ 225 අතර ඉන්නවා පුට්සයිකලයක්වත් නැතිව පාර්ලිමේන්තුවට ආපු අය. එහෙම අය විවිධ ජාවාරම් කරලා හොඳ තැන්වල ඉන්නවා. පාර්ලිමේන්තුවේ හොඳ පිරිසකුත් ඉන්නවා නැතුව නොවෙයි. මේ රට ගොඩ ගැනීමටනම් අපි වගේම රාජ්‍ය සේවකයින්, මහජනතාව ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මේ රට ගොඩගන්න පුළුවන් හැබැයි ආකල්පමය වෙනසක් ඇති කරලා ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාකරලා”යි මන්ත්‍රී රණසිංහ පවසනවා.

POPULAR

Recent articles