ඉදිරි මාස කිහිපය තුළදී දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්

ඉදිරි මාස කිහිපය තුළ එළිදක්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය බලය බෙදාහැරීමක් අන්තර්ගත වනු ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ඉන්දියාවේ දී පවසා තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ සිය ඉන්දීය තෙදින නිල සංචාරය අතර තුර ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්.

“ප්‍රධාන වගකීම පැහැදිලිවම ශ්‍රී ලංකාව සතු වෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ මූලික වශයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධ විය යුතුයි.

මේ වන විට පුළුල් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අභ්‍යාසයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඉදිරි මාස දෙක ඇතුළත සූදානම් කර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන කෙටුම්පතක් සකස් කරමින් සිටින විද්වත් කමිටුවක්ද තියෙනවා. බලය බෙදා හැරීම පිළිබඳ මෙම තත්ත්වය එම කෙටුම්පතෙහි නිසැකව අවධානය යොමු කරනු ලබන එක් කරුණකි. නමුත් කුමක් කළත් රට තුළ ප්‍රමාණවත් සම්මුතියක් ඇති කර ගත යුතුයි.

දන්නා පරිදි විශාල ප්‍රතිරෝධයක් අත්විඳින්නේ නම් එය භූමියේ ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇති. එනිසා කාලයාගේ ඇවෑමෙන් සැබවින්ම පවතින විධිවිධාන සම්බන්ධයෙන් අපි සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර අවබෝධයකට පැමිණීමට උත්සාහ කරනවා”යි විදේශ අමාත්‍යවරයා පවසනවා.

More from author

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික...

“ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අපොහොසත්” – නීතිඥ සංගමය

ඉන්ධන හිඟය රටේ පරිපාලනය සහ ව්‍යාපාර පවත්වාගෙන යාම මෙන්ම අවසානයේ ප්‍රජාවේ ස්ථාවරත්වයට හා රටේ නීතිය හා සාමය...

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...