නව බද්දෙන් සිපෙට්කෝ පිරවුම්හල් හිමියන් අපහසුතාවයට

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 01 වනදා සිට පනවා ඇති නව බද්ධ පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් 45% ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසනවා.

ඉන්ධන පිරවුම්හල්වලට දෙන කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත් අදාල බද්ධ සම්බන්ධයෙන් ද නීති උපදෙස් ගනිමින් සිටින බවත් ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් හිමියකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

POPULAR

Recent articles