පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස්

2019 අප්‍රේල් 07 වෙනිදා සහ 21 වෙනිදා අතර කාල සීමාවේදී ජාතික තවුහිත් ජමාත් නම් වූ සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු සාමාජිකයන් පිරිසක් කොළඹ නගරයේ කිතුණු දේවස්ථාන සහ හෝටල් වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාසී තොරතුරු තිබුණත් එය වළක්වා ගැනීමට පියවර නොගත් නිසා සාපරාධි ලෙස පුද්ගලයන් 275කගේ මරණය සිදුකිරීම සහ තවත් 500කට ආසන්න දෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඩු පවරා තිබුණා. අද (18) ඔහුට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

එම නියෝගය අද නිකුත් කරනු ලැබුවේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව මතයි.

නීතිපතිවරයා විසින් අධිචෝදනා 855 ක් යටතේ පවරා තිබූ මෙම නඩුවෙන් පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස් කෙරුනේ නඩුවේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවමයි.

මීට ස්වල්ප වේලාවකට පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද ඔහුට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

POPULAR

Recent articles