ත්‍රිපෝෂ නිෂ්පාදනයට තවදුරටත් බාධා

ගැබිණි හා කිරි දෙන මව්වරුන් සඳහා ත්‍රිපෝෂ බෙදා හැරීම ආරම්භ කළ බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා.

එහි සභාපති දීප්ති කුලරත්න සඳහන් කර සිටිඉන්නේ ඒ අනුව ත්‍රිපෝෂ පැකට් අට ලක්ෂ පනස් දහසක් බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් ළමයින් සඳහා ත්‍රිපෝෂ නිකුත් කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

සභාපතිවරයා ප්‍රකාශ කළේ, බඩ ඉරිඟු හා සෝයා බෝංචි හිඟයෙන් තවදුටරත් ත්‍රිපෝෂ නිෂ්පාදනය විධිමත්ව සිදු කිරීමට බාධා මතුව මතුව ඇති බවයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බඩ ඉරිඟු හා සෝයා බෝංචි ආනයනයට සැපයුම්කරවන් සමග ගිවිසුම් ගතව ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම දීප්ති කුලරත්න පැවසුවේ, ඒ අනුව ළමයින් සඳහා ද කඩිනමින් ත්‍රිපෝෂ නිෂ්පාදනයට පියවර ගන්නා බවයි.

සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉන්ධන හිඟය හේතුවෙන් ත්‍රිපෝෂ බෙදා හැරීමේ ගැටලු මතුව ඇති බවයි.

POPULAR

Recent articles