ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අමතර මිලියනට හතක වියදමක්

තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක අමතර පාඩුවක් විඳීමට සිදුව තිබෙනවා.

මෙම පාඩුව සිදුවන බව ගණන් බලා ඇත්තේ ඉන්ධන මිල දී ගැනීම ඉන්දියාවට යාමට ඒමට යන වියදම හා ඉන්ධන, ගුවන් යානාවල ක්ෂය වීම සඳහායි.

තෙල් ලබා ගැනීම සඳහා ගුවන් යානා විසිපහක් තිහක් අතර ප්‍රමාණයක් මසකට ඉන්දියාවට යන බව සඳහන් වනවා. මේ පියාසර කිරීම අතිරේක ගමනක් වන අතර ගුවන් යානාවල ක්ෂය වීම දීර්ඝ කාලීනව බලපාන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා සිටිනවා.

එමෙන්ම දිනකට ගුවන්යානා ඉන්ධන ලීටර් ලක්ෂ පහමාරක් පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන බව ඔහු පෙන්වා දෙනවා.

POPULAR

Recent articles