බ්‍රිතාන්‍යය උණුසුම් වෙයි

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ලින්කන්ෂයර්හි උෂ්ණත්වය 40.3C දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ස්ථාන 33ක ද උෂ්ණත්වය 38.7C ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ බ්‍රිතානයේ උෂ්ණත්වය මෙලෙස ඉහළ ගියේ ප්‍රථම වතාවට බවයි.

මේ හේතුවෙන් ලැව්ගිනි ඇතිවීම් වගේම රේල්පීලි අධික ලෙස රත්වීමෙන් දුම්රිය සේවා අවලංගු කිරීම් පවා සිදුව තිබෙනවා.

POPULAR

Recent articles