“LIOC නිසා ඛනිජ තෙල් සංස්ථාවටත් තීරණයක් ගැනීමට සිදුවෙලා” – ඩලස් අලහප්පෙරුම

LIOC සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයත් සමග ලංකා ඛනිජ තෙල් සංස්ථාවටද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඒ අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින්.

කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ හෝ කැබිනට් මණ්ඩලය තුළ මේ දක්වා කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවත් ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කෙසේ නමුත් ඊයේ (07) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියේ ඉන්ධන මිල ඉහළ නොදමා සිටීමට හැකිතාක් දුරට උත්සාහ කරන බවයි.

සිමෙන්ති හිගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සඳහන් කළේ සිමෙන්ති හිගය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යංශයටත්, මහ බැංකුවටත්, රේගු දෙපාර්තමේන්තුවටත් ලබා දී ඇති බවයි.

එමෙන්ම අලුතෙන් ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා සිමෙන්ති හිගයෙන් සැළකිය යුතු බලපෑමක් සිදු නොවන බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ව්‍යාපෘති ආරම්භ කරන පළමු අවස්ථාවේදී සිමෙන්ති අත්‍යවශ්‍ය නොවන බවයි.

POPULAR

Recent articles