“සංචාරකයින් සඳහා ජෛව බුබුළු සංකල්පයක් අවශ්‍ය නෑ” – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

කොවිඩ් 19 වෛරස මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින හෙයින් සංචාරකයන් සඳහා ජෛව බුබුළු සංකල්පයක් අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරනවා.

ජනතාව හා සංචාරකයන් යන සියලු දෙනා එක්ව තමන්ම ආරක්ෂා වෙමින් අනුන් ද ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද ඔහු පවසනවා. සංචාරකයන් සඳහා අනුගමනය කරන සෞඛ්‍යය මාර්ගෝපදේශ හේතුවෙන් ගැටලුවක් ඇති නොවන බවයි වෛද්‍ය හේමන්ත හේරත්ගේ අදහස වන්නේ.

POPULAR

Recent articles