“යුධ සමයේදී ආයුධ වෙනුවෙන් ගෙව්වේ බ්ලැක් මාර්කට් සල්ලි වලින්” – බැසිල් රාජපක්ෂ

මෙරට යුද්ධය පැවති සමයේදී තමන්ට අවශ්‍ය ඉන්ධන මෙන්ම ආයුධ සඳහාද මුදල් ගෙවනු ලැබුවේ “බ්ලැක් මාර්කට්” සල්ලි වලින් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ‘දිවයින’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ.

“යුද්දෙ යන කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිල තෙල් නැවට සල්ලි ගෙව්වේ මේ පිටකොටුවෙන් අරගෙන. හරියට සුමාන දෙකකට සැරයක් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ සුමිත් අබේසිංහයි මායි ගිහිල්ල මේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. හැම මිනිහටම කෝල්ස් දීල අහනවා ඔයා ගාව ඩොලර් කීයක් තියෙනවා ද කියල අහල ගෙන්න ගන්නවා. එහෙම අරගෙන තමයි පෙට්‍රෝලියම් එකට දෙන්නේ.

මේක සෙන්ට‍්‍රල් බෑන්ක් එක පැත්තෙනුයි ආණ්ඩුව පැත්තෙනුයි අවාසියි. හැබැයි රටක් හැටියට එහෙම බැහැ. මම කියන්නේ මට ඕන වැඩියෙන්ම ඩොලර්. කොයි ක‍්‍රමයට හරි පිටරට ගිහින් උන්ඩියල් ක‍්‍රමයට හරි. ඔයා කියන්න යුද්දේ යන වෙලාවේ බුෂ් මාස්ටර් ගන් එකට අපි පතුරම් ගත්තේ කොහොම ද? උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොම ද? ඒ නිසා යුද්දෙට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය බ්ලැක් මාකට් එකේ සල්ලි වලින්” බව මුදල් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

POPULAR

Recent articles