ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ මෙතෙක් කලක් එහි සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා වෙනුවටයි. එසේ පත්කර ඇත්තේ මීට පෙර ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරන ලද රජිව් සූරියආරච්චි වනවා.

නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා මේවන විට සිටින්නේ බන්ධනාගාර නිලධාරීන් යටතේයි.

මරණ දඬුවම හිමි වී සිරගත කර සිටියදී ජනාධිපති සමාමෙන් නිදහස ලැබූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබූ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුවක දී ඔහු ලැබූ ජනාධිපති සමාව තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය කටයුතු කළා. ඔහු නැවතත් බන්ධනාගාර ගත කරන ලැබුවේ ඒ අනුවයි. දුමින්ද සිල්වා ‘අසනීප තත්වයෙන්’ රෝහල් ගතව සිටීම නිසා ඔහු තවදුරටත් බන්ධනාගාර නිලධාරීන් යටතේ ප්‍රතිකාර ලබන බවයි කියන්නේ.

POPULAR

Recent articles