පකිස්ථානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

සහල්, සිමෙන්ති හා ඖෂධ ආනයනය සඳහා පකිස්ථානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා ගැනීමට සුදානම් වන බව වාර්තා වනවා.

වැඩි දුරටත් වාර්තා වන්නේ වෙළෙඳ අමාත්‍යවරයාගේ පකිස්ථාන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

එමෙන්ම අදාළ භාණ්ඩ ආනයනය කිරීම් වෙළද අමාත්‍යංශ හරහා සිදුකිරීමට නියමිත බවත් ඊට අදාළ ගිවිසුම් කෙටුම්පත නුදුරේදීම මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තොරතුරු අනාවරණය වනවා.

කෙසේ වුවද පකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ අමෙරිකා ඩොලර් මිලියන 500ක ද්‍රව්‍ය අපනයනය කිරීමේ හැකියාව ද පකිස්ථානය සතු වනවා.

POPULAR

Recent articles